Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Treats n Stuff

33, St. Peter's Place, Colombo 4


We've seen their brownies pop up on our news feed more than a few times. So this time we made it a point to give Treats n Stuff a shot. We can now see why they've got such a large following.



චොකලට් කියයි, වැනිලා කියයි, ස්ට්‍රෝබෙරි කියයි, බ්ලූබෙරි කියයි; ඔය මොන ජාතියේ ෆ්ලේවර්ස් තිබුණත්, චොකලට් ඇරෙන්න වෙන කිසිම ජාතියක් කටේ තියෙන්නේ නැති යාළුවෙක් ඔයාලට ඉන්නවද? අපේ මේ බුද්ධික මාමත් ඒ වගේ. චොකලට් කිව්වොත් ආයේ ඊට වඩා දෙයක් නැහැ. වෙන රසක් ගැන කතා කරනකොට මූණ ඇඹුල් කරගන්නවා.  

කොහොමින් කොහොමහරි පහුගිය දවසක අපේ යමු ඔෆිස් එකේ පොඩි පාටියක් තිබුණා. ඔය පාටියේ සංවිධායක කණ්ඩායමේ ඉඳපු අපේ බුද්ධික බොන ජාති, බයිට් එහෙම එක්ක තව බ්‍රව්නීස් ටිකකුත් ගෙන්නමුයි කියලා කතා වුණා. කොහෙද ඉතින්, මේ මනුස්සයට වෙන ජාතියේ රසක් හරි යන්නෙම නැහැනේ. ඉතින් පහුවෙනිදා තියෙන පාටියට අද බ්‍රව්නී ඕඩරයක් දාන්න තැනක් හොයනකොට තමයි මට Treats ‘n’ Stuff එක මතක් වුණේ.

Treats ‘n’ Stuff කියන්නේ දැන් අවුරුදු කීපයක ඉඳන් කොළඹ අවට අයගේ බ්‍රව්නී අවශ්‍යතාවන් සපුරාලන හෝම් බේකරියක්. ඔය හැමදාමත් කන චොකලට් බ්‍රව්නී එක හැරුණා ම, කෝපි බ්‍රව්නීස්, ස්ට්‍රෝබෙරි බ්‍රව්නීස්, ආදී වශයෙන් නා නා ප්‍රකාර බ්‍රව්නීස් ජාති වර්ග තොගයක් මේ අය හදනවා. ඒ විතරක්යැ, බ්‍රව්නී කේක්ස් එහෙමත්. කොටින්ම කිව්වොත් මෙතැන බ්‍රව්නීස් වැඩ කෝටියයි.

බ්‍රවිනීස් ජාති

අපි ගත්තේ Assorted Gift Pack එක. මේකේ ජාති 6කින්, 2 ගාණේ බ්‍රව්නීස් 12ක් තියෙනවා. මුළු පැක් එකට ම යන්නේ රු.1250. ඒ ගාණට මාර වටිනවා. මොකද නිකන් ටිපිකල් චොකලට් බ්‍රව්නීස් නෙවෙයිනේ. පොඩ්ඩක් වැඩ දාපුවා.

ඔය පිඟානේ පහළ ම කෙළවරේ තියෙන්නේ Classic චොකලට් බ්‍රව්නී එක. ෂහ්! මේවයේ fudgy ගතිය සුපිරියට ම තියෙනවා. හෙන ම සොෆ්ට්. ඒ විතරක්යැ චොකලට් රසත් උතුරන්න. මතුපිට තට්ටුව ලා කරස් සද්දෙන් හැපෙනකොට තවත් නියමයි.

ඊළඟට කියන්නම්කෝ Ganache චොකලට් බ්‍රව්නී එක ගැන. ඒක තමයි ඔය Classic එකට දකුණු පැත්තෙන් තියෙන්නේ. මේකේ චොකලට් රස Classic එකට වඩා වැඩියි. මොකද බ්‍රව්නී එකේ තියෙන චොකලට්වලට අමතරව, උකු චොකලට් තට්ටුවක් මේ බ්‍රව්නී එක උඩින් ගාලා තියෙනවනේ.

ඊටපස්සේ තියෙන Nutty බ්‍රව්නී එකේ තියෙන රෝස්ට් කරපු කජුවලින් මේ බ්‍රව්නී එකට එන්නේ අමුතුම ගැම්මක්. Rocky Road බ්‍රව්නී එකත් මරු. බ්‍රව්නීස්වලටයි මාර්ෂ්මෙලෝවලටයි දෙකට ම කැමති උදවියට නියමෙට ම ගැලපෙන්නේ මේ Rocky Road එක. මොකද මේක උඩින් තියෙන්නේ උණු කරපු මාර්ෂ්මෙලෝ තට්ටුවක්නේ. ඒ නිසා ඩාක් චොකලට් රස අතරින් එන හීන් පැණි රසක් මේවයේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේකට චොකලට් චිප්ස්, සහ රටකජුවලිනුත් අඩුවක් නැහැ.

Praline බ්‍රව්නී එකත් අපට හොඳට ම අල්ලලා ගියා. මේක අපට සාමාන්‍යයෙන් ඔය හැම බ්‍රව්නී කඩෙන් ම ගන්න ලැබෙන දෙයක් නෙවෙයි. මේ Praline බ්‍රව්නී එකේ මතුපිට වැහිලා තිබුණේ සීනි කැරමල්වල ගිල්ලපු රෝස්ට්ඩ් කජුවලින්. පොඩ්ඩක් සීනි රස වැඩි ගතියට කන්න කැමති උදවියට නම් මේක සෑහෙන්න ගැලපෙනවා.

නමේ තියෙනවා වගේ ම තමයි, Double Choc බ්‍රව්නී එකේ චොකලට් රස ඩබල්. වැඩිපුර චොකලට් දාලා විතරක් නෙවෙයි, ඒ චොකලට් රස තව වැඩි වෙන විදියට උඩින් තඩි චොකලට් චිප්ස් තට්ටුවක් දාලා. චොකලට් කිව්වොත් ගෑවුණු තැන කන්න ලෑස්ති උදවියට මේක මරු භාණ්ඩේ.

ඕඩර් කරන්නේ කොහොමද?

ඔය අනං මනං ලොකු කරදර නැහැ, මෙන්න මේ නොම්මරේට කතා කරන්නකෝ 077 787 7166. කතා කරලා ඕනේ බ්‍රව්නීස් ජාති මොනවද කියලා කියන්න. සාමාන්‍යයෙන් ඔයාට බ්‍රව්නී ටික ඕනේ වෙන වෙලාවට පැය තුනකට වගේ කලින් කිව්වත් ඇති. මේ කට්ටිය එච්චර කඩිසරයි. ඒ වගේ ම හරි ම සුහදශීලියි. Treats ‘n’ Stuff එකේ තියෙන බ්‍රව්නීස් ජාති සහ මිල ගණන් දැනගන්න ඕනේ නම්, මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ.

තමන් ඕඩර් කරන තැනේ හැටියට පොඩි ඩිලිවරි ගාස්තුවකුත් මේ උදවිය අයකරනවා. බම්බලපිටියේ තියෙන අපේ යමු ඔෆිස් එකට ඩිලිවරි කරන්න ගත්තේ රු.100යි.

අවසාන වශයෙන්

Treats ‘n’ Stuff කියන්නේ තනිකරම බ්‍රව්නී සඳහා ම වෙන් වුණු තැනක්. අවුරුදු තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඉඳලා තමයි මේ කට්ටිය මේ වගේ රස බ්‍රව්නීස් හදන්නේ. හැබැයි කාලය ගෙවිලා ගිහිල්ලත් ඒ බ්‍රව්නීවල රස, කොලිටිය හෝ එයාලගේ සර්විස් එකේ කිසිම අඩුවක් වෙලා නැහැ. ඔන්න එහෙනම් ඔයාලගේ ඊළඟ පාටියට බ්‍රව්නී ඕනේ වුණොත්, Treats ‘n’ Stuff එකට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා හොඳද.


TIP

These guys have an App now. Yup, that's right, an app for ordering brownies. You can download it on both <a href="https://play.google.com/store/apps/details?id=treats.encyteus.com">Android</a> and <a href="https://itunes.apple.com/lk/app/treats-n-stuff/id959812504">iOS</a>.

Address

33, St. Peter's Place, Colombo 4

Directions

Coming down Galle Rd (Bamabalapitiya side), St. Peter's place is on sea side past St. Peter's College, juts before the bridge.

Contacts

Facebook

Report Inaccuracy

Open 8.00 AM - 6.00 PM (3 hours notice required)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
D
2

5/5

0

Dinushi Perera

Just Love it, i cannot mentioned anything more than this , simply love it 😍😍😍😍😍

D
2

5/5

0

Dinushi Perera

Just Love it, i cannot mentioned anything more than this , simply love it 😍😍😍😍😍

See 9 Comments