4/5

Tsing Tao (Colombo Racecourse)

Race Course Promenade, Reid Avenue, Colombo 7


Tsing Tao is a fine dinning Chinese restaurant that strikes a good a balance between authentic and Sri Lankanized Chinese, in a chic and elegant setting.


කොළඹ රේස්කෝර්ස් එකේ පිහිටි "ත්සිං තාවෝ" තරමක් අලුත් කදිම චීන අවන්හලක්. ඒක මිල අධික තැනක් වුණත් ඒකේ කෑම ගෙවන ගානට වටිනවා.

චීන කෑම ගැන. අපි දැන් අවුරුද්දක් පමණ කාලයක් කොළඹ පුරා හොට් බටර් කට්ල්ෆිෂ් සහ චිලී පේස්ට් පිරිනමන චීන අවන්හල් වල සැරිසැරුවත් තවම හැම චීන අවන්හලකටම අපි ගිහින් නැහැ. ඒත් විවිධ ක්‍රමයේ චීන කෑම (මේන්ලන්ඩ්, ශ්‍රී ලංකන්, පෑන්-ඒෂියන්) අතරිනුත් අපිට හමු නොවුනේ නියම චීන කෑම.

ඇත්තටම මොනවද නියම චීන කෑම කියන්නේ? නියම චීන කෑම ලංකාවේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තරු පහේ හෝටල්වලයි. එම්පරර්ස් වොක් (හිල්ටන්), ලොං ෆෙං (සිනමන් ලේක්සයිඩ්), යූ චුවාං (කිංස්බරි) එයින් සමහරක්. ත්සිං තාවෝ ලොකු හෝටලේකට සම්බන්ධ වෙලා නැහැ. ඒත් ඒක ඉහතින් කියූ කණ්ඩායමට අලුතින්ම ඇතුල්වුණ අවන්හලයි. ඒක පිහිටලා තියෙන්නේ කොළඹ රේස්කෝර්ස් එකේ. රේස්කෝර්ස් කියන්නේ ලස්සන, ඒ වගේම තරමක් විස්මයාකාරව නිර්මාණය කළ සාප්පු සහ අවන්හල් සංකීරණයක්.

ත්සිං තාවෝ ගැන ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවියේ තියෙන ගුණදොස් විවේචනවලයි සාමාන්‍ය ප්‍රතිචාරවලයි "වටිනාකමට වඩා මිල වැඩියි" සහ "මිල අධිකයි" වචන නිතරම තියෙනවා. ඇත්තටම කිව්වොත් මෙතන කෑම ලාභ නෑ. හේතුව තමයි එයාලගේ ප්‍රධාන අරක්කැමියයි කෑමට පාවිච්චි කරන දේවලුයි ගෙන්වන්නේ කෙළින්ම චීනයෙන් වීම. මිල වැඩි වුණත් මෙතන කෑම හරිම රසයි. කිහිප වතාවක්ම යන්න වටින තැනක්. මිල අඩුවෙන් කෑම කන්න අපි උපායක් හොයා ගත්තා. ඔයාල මේක දිගටම කියවගෙන ගියොත් ඒක දැනගන්න පුළුවන් වේවි.

කෑම අපි දැන් කෑම ගැන කතා කරමු. මෙනූ එකේ 200කට වඩා වැඩි කෑම වර්ග ගණනාවක් තියෙනවා. (මම හරියටම ගණන් කළේ නම් නෑ.) කෑම වර්ග ගණනාව වැඩි නිසාම තෝරා ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. මෙනූ එකේ කෑම වර්ග ගැන පුංචි විස්තරයක් තිබුනනම් හොඳයි. අපි හොං කොං චිකන් (රුපියල් 738 - කුඩා) එකයි, වේලිච්චි මිරිස් එක්ක ඉස්සොයි (රුපියල් 1078 - කුඩා), කරවුණු වම්බටු (රුපියල් 638 - කුඩා), හීන්කොට කපන ලද ඌරු මස් එක්ක මා පෝ ටෝෆු (රුපියල් 738 - කුඩා) සහ ස්ටීම් රයිස් 3ක් (රුපියල් 594) ඇණවුම් කළා. හැම කෑම වර්ගයක්ම ගොඩාක් හොඳයි. කරවුණු වම්බටු තමයි හොඳම. ඉතා උණු වම්බටු පෙති සුදුළූණු සෝස් එකක ගල්වලා තිබුණා. වම්බටු මදය මෘදුයි වගේම රසයි. මස් වගේ. ඒක සරල ස්ටීම් රයිස් එක්ක හොඳට ගැලපෙනවා. ඒකට ෆ්‍රයිඩ් රයිස් ගැලපෙන්නේ නෑ. හීන්කොට කපන ලද ඌරු මස් එක්ක ටෝෆුත් හොඳ කෑමක්. සිනිඳු ටෝෆු කැට වලට ඉසින ලද කැබලි කළ ඌරුමස් වලට කදිම උකු සෝස් එකකුත් දාලා තියෙනවා. මේකත් සරල බත් එකක් එක්ක තමයි හරියට යන්නේ.

ආහාර පංගුවල කරදරකාරී ප්‍රශ්නය

ත්සිං තාවෝහි කුඩා අහාර පංගු ගොඩාක් කුඩා වීම ගැන විවේචන තියෙනවා. මේකට හේතුවක් වන්නේ චීන අවන්හලකට ගියාම තියෙන ඔක්කොම ගිල දාන්න ඔනේ කියන ආකල්පයෙන් ගොඩක් අය යන එක. වැඩිපුර කෑම ගිල දමන එකෙන් තමයි ගොඩක්ම තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා සමහර අය හිතනවා. ත්සිං තාවෝ ඉස්සො කඳු ගහලවත්, බත් කොත් ගහලවත් දෙන්නේ නෑ. පුංචි කෑම පංගු පුංචි තමයි, ඒත් අසාධාරණ ලෙස පුංචි නෑ. අපි ගත්ත පුංචි පංගු හතර තුන් දෙනෙකුට හොඳටම ඇතිවෙලා ටිකක් ඉතුරුත් වුණා. කෑවට පස්සෙ ඇවිදගන්න බැරි වෙන්නෙවත්, කම්මැලි හිතෙන්නෙවත් නෑ එහෙම ගානට කෑවම. ඒක හොඳයිනේ නේද?

පිහිටීම කෑම කන කොටස් දෙකක් තියෙනවා. සාම්ප්‍රදායික විදිහේ අංශයක් පහළ තියෙනවා වගෙම වඩාත් ලස්සන (එහෙත් දැඩි බෑවුම් සහිත පිය ගැට පෙළක් නිසා නැගීමට අපහසු) වීදුරු වලින් වටවුණ හතරැස් අංශයක් ඉහළින් තියෙනවා. ඒකට පිට්ටනියයි රීඩ් මාවතයි හොඳට පේනවා. ඉහළ කොටස ලස්සන වෙලා තියෙන්නේ එහි සිට බැලුවම පෙනෙන දර්ශනය නිසා. ඒත් අපි යනකොට වායු සමීකරණ යන්ත්‍රවල දෝෂයක් නිසා ඉහළ කොටස හොඳටම රත් වෙලා තිබුණා. කාර්ය මණ්ඩලය ටිකක් හෙමින් වැඩ කළත් ඉතා හොඳයි. අපේ කෑම වේල මේසෙට එන්න පැය භාගයකට වඩා වැඩියෙන් ගියා. ඒ වගේම බිල මේසෙට එන්නත් විනාඩි 15ක් විතර ගියා.

මිල බියර් එකකුත් එක්ක අපි තුන්දෙනෙකුගෙ කෑම බිල රුපියල් 5000යි. ඒ කියන්නේ එක්කෙනෙකුට රුපියල් 1800ක් විතර. මම හිතන්නේ නෑ මේක එච්චර ලොකු මිලක් කියලා. මේ වගේම ගාණක් ෆ්ලවර් ඩ්‍රම් එකේදිත් ගෙවන්න වෙනවා. ඒත් එතෙනදි මීට වඩා වැඩි ප්‍රමාණයක් කෑම ලැබේවි. ඒත් කෑම නම් මේ තරම්ම හොඳ නැතිවෙයි එහෙදි. වැඩිපුර බීම වර්ග එකතු කළොත් මිල ඉහළ යයි. ලයන් එකක් රුපියල් 460ක් වෙනවා. ඒ මිල යමු මිල දර්ශකයේ හැටියට ගැලරි කැෆේ එකට විතරක් පහළින් තියෙන මිලක්. ඒක තමයි ලයන් බෝතලයක් ගන්න පුළුවන් දෙවන වැඩිම මිල. කෑම මිල ටිකක් විතර අඩු වැඩි වශයෙන් සාධාරණයි. හැබැයි බීම නම් ගණන්.

එහෙමනම් ....

ගොඩක් බීම වර්ග ගන්න එපා. කෑම ගැන තියෙන පැමිණිලි අයින් කරගන්න. මොකද මෙහෙ කෑම ඇත්තටම රස නිසා.

TIP

If you like intense flavours, try the dishes that come with sauces.
All Reviews

Tsing Tao is a fine dinning Chinese restaurant that strikes a good a balance between authentic and Sri Lankanized Chinese, in a chic and elegant setting.

Tsing Tao is a relatively new fine dining Chinese restaurant located at the Colombo Racecourse. It's expensive, but the food is worth it.

චයිනීස් කියලා නා නා විධ විදියට බෝඩ් ගහලා තිබුණත්, ඒ ගොඩක් තැන්වලින් අපට කන්න ලැබෙන්නේ ඔරිජිනල් චයිනීස් කෑම නෙවෙයිනේ. හුඟක් වෙලාවට ඕවයේ තියෙන්නේ ලංකාවේ විදියට හැඩ ගැහුණු චයිනීස් කෑම. හැබැයි ඔරිජිනල් චයිනීස් කෑම කාපු මනුස්සයා තමයි ඒකෙ නියම රස දන්නේ. ඉතින් "චයිනීස් කෑම කොහෙත් එකයි" කියලා හිතාගෙන ඉඳපු මගේ යාළුවත් ඇදගෙන මං ලඟදි දවසක ගොඩ වුණේ කොළඹ හතේ ට්සින් ටාඕ එකට.

කොළඹ රේස්කෝර්ස් එකේ පිහිටි "ත්සිං තාවෝ" තරමක් අලුත් කදිම චීන අවන්හලක්. ඒක මිල අධික තැනක් වුණත් ඒකේ කෑම ගෙවන ගානට වටිනවා.

Address

Race Course Promenade, Reid Avenue, Colombo 7

Directions

The Racecourse is across the street from Royal College on Reid Avenue (officially Philip Gunewardena). From Independence Avenue you can turn right opposite Maitland Crescent. There's parking. You can also walk here from Independence Square, just follow the road past Sri Lanka Foundation Institute.

Contacts

E-Mail Facebook Website

Open 11 AM to 3 PM, 6 PM to 11 PM

Cuisine

Fine Dining Chinese

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4


Latest