Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

VU Restobar (Best Western Hotel)

102 A, Kirulapone Avenue, Baseline Road, Colombo 5

VU Restobar is a wonderful rooftop bar at the Best Western Hotel. They serve up some great food, their drinks aren't too shabby and the view is breathtaking.

රුෆ්ටොප් බාර් එකක් කියන්නේ සිරාම කොන්සේප්ට් එකක්. බාර් එකක වාතාවරණය එළිමහනක, ලස්සන දර්ශනයක් එක්ක එකතු කළාම ටිකකට ලෝකෙම අමතක කරලා, ෂෝට් එකක් දාගෙන චිල් එකේ ඉන්න එක තවත් ලේසි වෙනවා. කොළඹ පහුගිය කාලේ ඉස්තරම් මට්ටමේ දුවන රුෆ්ටොප් බාර් කිහිපයක් ආව ඔය ක්ලවුඩ් රෙඩ්, ඕසෝ වගේ. ඒ ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන්නෙ කිරුලපන තියෙන VU Restobar එකයි.

තැන

VU (තාම ෂුවර් නැහැ මේකට කියන්නේ “වී යූ” කියලද, “වූ” කියලද කියල.) තියෙන්නෙ කිරුලපන ළඟදී ඇරපු බෙස්ට් වෙස්ටර්න් හෝටලේ. බේස්ලයින් පාර කිරුළපනදී ඉවර වෙන තැන කිට්ටුව තමයි හෝටලේ තියෙන්නෙ. මේක ගොඩක් ලොකු හෝටලයක් නෙමෙයි. ඒ වුනාට ඒ පැත්තෙ වැඩිය උස ගොඩනැගිලි නැති හින්ද කොළඹ නගරේ මාර ලස්සන දර්ශනයක් උඩම තට්ටුවෙන් බලාගන්න පුළුවන්.

බාර් එකනං මාර හොඳයි. පැත්තක් සම්පුර්ණයෙන් එළිමහනට නිරාවරණය කරලා තියෙන්නෙ. ඉතින් හොඳට හුළං වදිනවා විතරක් නෙමෙයි වටපිටාවම හැතැප්ම ගාණකට පේනවා. බැල්කනිය වටේම පඳුරු වවල තියෙන්නෙ. ඒ අතරේ කොළ පාට බියර් බෝතල් ඇතුලට ලයිට් වැල් ඔබල අමුතුම ලස්සන ලයිට් වැලක් හදල තියෙනවා.

ඉර බැහැල ගියාට පස්සෙ සිවිලිමේ ලා රතු එළි දාල, මේස උඩ නිල් පාටින් එළිය වැටුණම බලන්න එපැයි සිරියාව. මේස උඩ විදුරු තට්ටු තියෙන්නෙ. ඉතින් සැන්දෑ ආකාසේ වීදුරුවෙන් බලන්නත් පුළුවන් කන්නාඩියකින් වගේ.

කෑම බීම

බාර් එකක් වුණාම ඉතින් බීම එපායැ ඉස්සෙල්ලම බලන්න. ඉතින් මෙනුව අතට අරගෙන බැලුවෙ මොනාද ගන්නෙ කියල. අපරාදේ කියන්න බැහැ මෙනුව නං පට්ට. කෑම මෙනුවේ පොඩි පොඩි ජෝක් විතරක් නෙමෙයි, කෑම බීම සංයෝජන ගැන රෙකමදාරු වුණත් දාල තිබුණා. මෙනුවත් ලස්සනේ බැරුවා. බීම මෙනුවේ දිය සායම් පින්තුර ශෝක්. ඒවගේම මරු ලාංකීය නම් ටිකක් පාවිච්චි කරලා තිබුණා. බීම මෙනුවේ ජාති ගොඩක් තියෙනවා. අරක්කු සහ බියර් කොක්ටේල් ඉඳල තව ගණන් වැඩි සැර ජාති වෙනකං තියෙනවා. පිටුවල මුල් ටිකේ ගණන් එච්චර සැර නැතිවුණාට පිටු පල්ලෙහාට යනකොට ගණන් නගින හැටි තේරිච්ච හින්ද, පිටු කීපයක උඩින්ම තිබිච්ච බීම ටිකක් අපි ඔර්ඩර් කළා.

ටුක් ටුක් (රු.600) එක ආවේ වීල් එකක නං නෙමෙයි. මේ මේසන් බෝතල් කෝප්පේ අරක්කු, කොයින්ට්‍රෝ, අඹ යුෂ, බැසිල් කොළ මිශ්‍රණයක් තියෙන්නෙ. රස නං සන්ක්වික් විදුරු බාගෙකට අරක්කු ෂොට් එකක් දැම්ම වගේ. සන්ක්වික් පැණි රසට කැමති අයට නං මේක මරු.

ලිප්ස්ටික් මැන්ඩරින් එකේ (රු.800) තියෙන්නෙ මැන්ඩරින් වොඩ්කා, දොඩම් යුෂ, ක්‍රැන්බෙරි යුෂ සහ මිරිස් දාල හදන බීමක්. මේකේ නං හොඳට වොඩ්කා සැර වදිනවා. මිරිස් සැර නං පොඩ්ඩක්වත් නැහැ. කලින් එකේ වගේම සන්ක්වික් රස මේකෙත් තියෙනවා.

ජින්ජර් අය්ලන්ඩ් (රු.600) එක බියර් කොක්ටේල් එකක්. මේකේ ලයන් ලාගර්, ඩාක් රම්, ජින්ජර් බියර් සහ දෙහි යුෂ තිබුණේ. බියර් රස විතරයි ආවේ. පොඩ්ඩක් විතර දෙහි සැර ආවා. මේකට තිබහ නං හොඳට නිවෙනවා.

රු.650ට ආපු බෙලිනි එක තමයි කට්ටියටම අල්ලලා ගියේ. මේක හදන්න ස්පාර්ක්ලින් වයින්, කොටපු පීච්, දෙහි යුෂ පොඩ්ඩක් තමයි අරගෙන තියෙන්නෙ. මේකේ නියමෙට හැම රසක්ම බැලන්ස් වෙලා ආවා. ඔෆිස් එකෙන් කියපු හැටියට මෙච්චර ලාබෙට බෙලිනි බීමක් තිබුණා පුදුමයි ලු.

කෑම මෙනුවේ ගොඩක් කෑම තියෙනවා එක එක ජාතිවලින්. ඔක්කොම හොඳයි වගේ. අපි ටිකක් වෙලා මෙනුව පෙරළලා නාචෝස් පිඟාන ගත්ත (රු. 1100). නාචෝස් නං කඩෙන් ගන්න පුළුවන් ඒවා වගේ. ඒත් සැහැල්ලුයි, කරස් ගාල හැපෙනවා, කාගෙන කාගෙන යන්න පුළුවන්. චීස්, සල්සා, ගුවකමෝලි තව එකතු කළා නං හොඳයි. මේකේ පට්ටම කෑල්ල තමයි නාචෝස් එක්ක කන්න ආපු බීෆ් බෝලොනේස් එක. මාරම රසයි. මේකේ හැලියක්ම කන්න තරං හිතුනා.

ග්‍රිල්ඩ් චිකන් බ්රුශේටා එක (රු.520) එච්චර නැගලා ගියේ නැහැ. ඒ වැඩියත්ම ආවේ කෑලි තුනක් විතරක් හින්ද. සාමාන්‍යයෙන් බ්රුශේටා එකක පාන් එනවා. මේකේ පානුත් නැහැ. චිකන් පෙති මෙළෙක් වුණාට කිසි රසක් නැහැ. තක්කාලි, චීස් වලින් තමයි එන රසක් ආවේ.

අවසානයට

මෙනුව අරපරෙස්සමින් කියවල තෝරලා බේරලා බලල කෑම බීම ගත්තොත් සාක්කුවට ලොකුවට වදින්නේ නැහැ. මෙතන සෙට් වෙලා පාටි දානවට වැඩිය කූල් එකේ බීමක් බීල සුහද කතාවක් දාගෙන ඉන්න සුදුසු තැනක්. වටේම තියෙන මනස්කාන්ත දර්ශනය හින්ද වෙලාව ගතවෙනවා දැනෙන එකකුත් නැහැ.

TIP

Try the Bellini cocktail.

Address

102 A, Kirulapone Avenue, Baseline Road, Colombo 5

Directions

Go straight down Baseline road, the hotel is on your left.

Contacts

Website Website Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
K
1

2/5

0

Keith@LC

Went here with the family, ordered their signature dish, which after 20 minuets (yes 20 minuets) they say it's over. So to keep it basic ordered some beef & chicken burgers, with nasi gurang, the bun was very dry, the beef bland and it was served cold that the cheese was just sitting on top instead of melting inside. The nasi took a further 30 minuets that we took it on a doggy bag which was the only thing that was done fast. Due to complaint they gave us the buffet on complimentary which did not taste great. They gave a battered prawn side on complimentary as well, which the prawn tasted slightly raw. For drinks ordered a cranberry juice under the fresh juice in the menu, which was sunquick. Not to be negative but as far as eating out went it was a very bad experience. The roof top though is something else. Pity the food and the service does not compliment the ambiance. I would recommend this place to someone who had a great day and nothing in the world was going to ruin it. Hope they uplift the standards.

S
1

5/5

0

Sanjeewa Dasanayaka

Not the greatest of views for a rooftop bar but the best ribs ever. Fall off the bone and delicious. Nachos were great and they have some amazing burgers ( pork burger too ). The cocktail are good. Service and food make it a total package with cocktails being a +

See 9 Comments