3/5

The Canteen

Independence Walk, Colombo 7

  • This place has closed down


Formerly known as Walkers Cafe, The Canteen hasn't changed much at all but their hoppers are excellent.


නිදහස් චතුරශ්‍රය පැත්තෙ හදල ගත්තට පස්සෙ ඒ පැත්තෙ කට්ටිය වැඩිහරියක් ගැවසෙන්නේ ඉතින් හවස් යාමේ පොඩ්ඩක් ඇවිදලා යන්න. කෙලින්ම ඇවිදින්නයි ,බයිසිකල් පදින්නයි ට්‍රැක් එකක් හදලම දීල තියෙන්නෙ ඒකනේ. දැන් ඉතින් ඇවිද්ද පය දහස් වටී කිව්වට ඇවිද්ද පයේ මහන්සිය යන්න දහස් ගණන් දීල කන්න බොන්න බෑ නේ හැමදාම. අන්න ඒක හින්ද තමයි නිදහස් චතුරශ්‍රයේම වගේ වෝකර්ස් කැෆේ කියල තැනක් තිබුනේ. අඩු මිලට බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක් කියල තමයි අපි දැනගෙන හිටියේ. දැන් කැෆේ එක වහල ”කැන්ටිම” කියල අලුත් තැනක් එතන ඇරලා කියල අපිට ආරංචි වුණා. ඉතින් අපි ගිහිං බැලුව කොච්චර වෙනස් වෙලාද කියල.

 

තැන

කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ආ නැහැ, කිසිම දෙයක් නෙමෙයි. අලුත් බෝඩ් කෑල්ලක් දාල තිබුණා. අලුතින් කුඩ දාල තිබුණා. ලයිට් වැල් ඇදල තිබුණා ඒවා අතරෙන්. හැබැයි  කලින් වෝකර්ස් කැෆේ කියල තිබුණ කාලේ තිබුණ මේස පුටුමයි.  ඒ කාලේ තිබුණ පුංචි කඩේ එහෙම්මමයි. ඒ වීදුරු කේස්වල ෂෝට් ඊට්ස්, සිසිල් බීම අනං මනං ඒ කාලේ විදියටම තියෙනවා. සෙනග නැති වෙලාවට ගියොත් හරි නිස්කලංකයි. මේස අතර ඉඩකඩ හොඳට තියලනේ තියෙන්නේ.

 

කෑම බීම

මේක වෝකර්ස් කැෆේ කියල නම තිබිච්ච කාලේ ආප්පවලට ප්‍රසිද්ධයි. ඉතින් අපි ආප්ප ඕඩර් කරලා බැලුව තාම හොඳද කියල බලන්න. ආප්ප 4කට රු.60යි, බිත්තර ආප්ප 4කට රු 160යි. කියල වැඩි වෙලාවක් ගියේ නෑ ඉක්මනට කෑම ටික ආවා. ආප්ප නං මරු. ටිකක් තුනියට තිබුණ. වාටිය හොඳට කරස් ගාල හැපෙනවා. ආප්පේ මැද හොඳ සැහැල්ලුවට තිබුණා. බිත්තර ආප්පෙත් ලෝබ නැතුව මැදට බිත්තර දාල, යහමින් ගම්මිරිස් දාලත් තිබුණා. රසයි. මේකත් එක්ක ආවේ දියාරු මිරිස් සම්බෝලයක්. ඒකනං නැතුවත් කමක් නැහැ. ආප්ප ටිකනං අපි කාගෙන කාගෙන ගියා.

අපි තිබුණ ෂෝට්ඊට්ස් වගයක් ගන්න හැදුවම එතන අංකල් නං කිව්වෙ ගන්න එපා උදේ දාපුවා කියල. එත් ඉතින් අපි අරං බැලුව. ඇත්තෙන්ම අංකල් ඇත්ත කිව්වෙ. උදේ කෑවා නං හොඳ ඇති. ඒත් අපි ගිය හවස් වෙලාවෙ නං ඒවා වේලිලා ගන්න දෙයක් නෑ.

අපි බොන්න කොමඩු ජූස් එකකුත් ගත්තා. වතුර දාල දියාරු කරපු ගතියක් නං තිබුනේ නෑ. හොඳ රසට තිබුණා. හතර වටේ ඇවිදලා මෙතන නැවතුනොත් ජූස් එකක් බීල බලන්න. මහන්සියට සුපිරි.

 

අවසානයෙන්

පොඩි කෑමකට, මහන්සියට ජූස් එකක් බොන්න, මෙතන සැහැල්ලුවෙන් ඉන්න නියමයි. හවස ඇවිල්ල ආප්ප ටිකකුත් කාල යන්න. නියම තැන.


TIP

Go there after 4 PM when it's cool and the hoppers are available.
All Reviews

The Canteen is basically Walker's Cafe with a different name (literally). Perfect for a post-Independence Square jog.

If you're at Independence Square, then there's a nice little place called Walkers' Cafe to eat at, down the long pathway between the square pools and the back road.

If you're in <a href="http://www.yamu.lk/place/independence-square/" title="Independence Square">Independence Square</a> this is the place to go, ie, the only place. Down the long Independence Walk there's a small cafe which serves the basic stuff, Fanta, Coke, short eats. Literally your usually kade, just in the middle of the park. It's nothing special but nothing bad either, and it's in the middle of a lovely space.

”කැන්ටිම” අඩු මිලට බඩ පිරෙන්න කන්න පුළුවන් තැනක් කියල තමයි අපිට තේරුණේ

නිදහස් චතුරස්‍රයට ආවිට යන්න තැන මෙන්න. ඇත්තෙන්ම එතැන විතරයි තිබෙන්නේත්. නිදහස් සක්මන් මළුවේ පහළ තිබෙනවා ෆැන්ටා, කොකා කෝලා, කෙටිකෑම වැනි මූලික දේ තිබෙන කුඩා ආපනශාලාවක්. උද්‍යානය මැද පිහිටි සාමාන්‍ය කඩයක් වන මෙහි විශේෂ හොඳක් හෝ නරකක් නැහැ.

Address

Independence Walk, Colombo 7

Directions

Walk straight down the path from the fountains.

This place has closed down

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest