Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

2/5

Wije Food Center

474, Kaduwela road, Thalangama, Koswatta


If you are a pork fan, this was the place. But not now!



පංකාදු ‘පෝර්ක්’ගේ අභාවය!

කොරෝනාවට කලින්.. බත්තරමුල්ල, කොස්වත්ත අවට විතරක් නෙවෙයි, ඊට ගොඩක් දුර ඉඳනුත් පෝර්ක් වැඩ කෝටියක රස බලන්න කට්ටිය ආ ගිය තැනක් තමයි ඩිපෝ එක ඉස්සරහ ‘විජේ අයියගෙ කඩේ’.

අනේ.. ඒකට දැන්?

ප්ලේස් එක මූව් කරලා කොස්වත්ත ෂෙඩ් එක පිටිපස්ස විදේශසේවා පාරට. කඩේ හැඩේ, පුටු මේස සියල්ල එලෙසින්ම තියෙනවා. එතකොට.. විජේ අයියගෙ හිනාව, සුහදශීලි කතාබහත් එලෙසමයි. ඒත් කෑම?

කාලෙකට පස්සෙ කඩේට ගොඩවුන මම ලොකු සෙනඟක් ඒ වෙලාවෙ හිටිය නැති නිසා සනිකව ඔ්ඩරේ දැම්මා, පෝර්ක් චීස් කොත්තුවයි (රු. 500), මික්ස් රයිස් එකයි (රු. 400), මාළු ස්ටුවයි (රු. 650). දාලා ඉතින් විජේ අයියත් එක්ක කයියකුත් දාලා ඔන්න කෑම ටිකත් අරගෙන හැරෙන තැපෑලෙන් ලඟම යාළුවෙක්ගෙ ගෙදරට. මොකද මේ දවස්වල කඩේ ඩයිනින්ග් නෑනෙ.

කොහොමහරි ඉතින් ගිහිල්ලා කරලා කෑම ටික දිග ඇරලා ඉස් ඉස්සෙල්ලාම පටන් ගත්තෙ කොත්තුවෙන්.

හයියෝ.. ඒකෙ ඔක්කොම හරි. චීස් එහෙමත් බලාගෙන ඉඳිද්දි දැම්මෙ කෑලි 2ක්. ඒ හැරුනාම යෝගට් චුට්ටකුත් දැම්මා. කැරට්, ලීක්ස්, මාළු මිරිස් අඩුම කුඩුම ටිකත් නූලටම. වැඩේ කියන්නෙ පෝර්ක්..

එක මස් කෑල්ලක් නෑ කියන්නකො යාළු. ඊටත් තිබ්බ ඔක්කොම තෙල් කෑලිත් නෙවෙයි, හම් කෑලි. මටයි යාළුවටයි නේද.. කොත්තුවත් එක්කම එපා වෙලා තිබුනෙ ඈ.

අනික ඒ විදියට හම් කෑලි අයින් කර කර කාගෙන කාගෙන යද්දි, මට සෙට්වුනා එකක් මවිල් එක්ක..

වමනෙ නොදාපු එක විතරයි.

හපෝ..

ඒක ආයෙ එහෙම්මම අයින් කලා ඈ..

අයින් කලා කියන්නෙ කෙලින්ම දොරෙනුත් එළියට, බල්ලටම!

ඊට පස්සෙ කන එක එපා වෙලා හිටියෙ මම. අර යාළුවා දිග ඇරපු නිසා රයිස් එකෙන් කටක් කෑවා නිකමට බලන්න.

හම්මා.. ඒක!

මල් හතයි පංකාදු පහයිනෙ.

හිතා ගන්න බෑ, එකම බාස් දාපු කොත්තුවයි, රයිස් එකයි. හැබැයි රයිස් එකෙත් තිබ්බ පෝර්ක් නම් ඔක්කොම තෙල් කෑලි. අර අවුලක් නෑ සියල්ල ගැඹුරු තෙලේ බැදලා නිසා. පෝර්ක්, චිකන්, මාළු, ඉස්සො..

එක්ක කැරට්, ලීක්ස් ටිකයි.. චිලිපේස්ට්, චිකන් හොදියි..

ගාණටම ආ.. අනික මදි නොකියන්න දාලාත් එක්ක නිසා කන කන කටක් ගාණෙ මස් මාළු!

ම්.. ඔය අතරට අපි මාලු ස්ටු එකත් දිග ඇරියා, මොකද රයිස් එකත් එක්ක වැඩේ දිගට ගෙනියන්න පුලුවන් පාටක්නෙ තිබ්බෙ.

අවසානාව..

මාළු එකේ රස හොඳයි. හැබැයි ස්ටු නෙවෙයි. නිකම්.. හින්දපු කිරිමාළු වගේ. ගම්මිරිස් එහෙම අහලකවත් නෑ. හැබැයි මිරිස් කුඩු, ගොරකා, තුනපහ හොඳහැටියට දාලා. මාළු මිරිස්, අල, කැරට් වගේ ඒවත් නෑ ඉතින්..

ඒ වුනාට ඒකෙ රසේ තිබ්බා අමුතු ගැම්මකුත්. තඩි තලපත් මාළු තොගේ.. මිරිස් සැරයි, කිරි රසයි..

රයිස් එකට කෙසේ වෙතත් යාළු..

පෝරණු පාන් ගෙඩියකට, ගෝදම්බා, පරාටා ටිකකට නම්

පංකාදු පහයි ඈ..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment