Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

Coconut Fish Curry - කිරි මාළු

Difficulty rating 2/5 Serves 1 Takes 00:15


කිරිමාලු හොද්ද බත්,පිට්ටු,ඉදිආප්ප වගේ කෑමක් එක්ක තකට තක ගැලපෙන ඉක්මනට හදාගන්න පුළුවන් කරි එකක්. මුලින්ම තලපත්/කෙලවල්ලෝ මාළු කුට්ටි වලට ලුණු, ගම්මිරිස්, කහ අතගාගන්න ඕනි. මාළු කෑලි ටික සීසන් වෙන අතරතුර පොල්කිරි ටික සෙට් කරගන්න පුළුවන්.මේකට අපි ගන්නේ පලවෙනි කිර, එකියන්නේ මිටි කිරි ටික. රම්පෙ, කරපිංචා, ළුනු ගෙඩි බාගයක්, සුදුළුනු බික් 2ක් විතර අමුමිරිස් කරල් 2ක්, තක්කාලි පොඩි ගෙඩියක් කපල තියාගන්න. මුලිම්ම බාජනේට තෙල් පොඩ්ඩක් දාල රත්විගෙන එද්දී අබ ඇට අහුරක් දාල පිපිරෙන්න දෙන්න. කපපු සුදුළුනු ළුනු අමුමිරිස් ටික දාල ලා තෙම්පරාදුවක් කරන්න වෙනවා.මේකටම තුනපහ හැන්දක්( හදන ප්‍රමාණ අනුව වෙනස් වෙනවා), මිරිස් කුඩු පොඩ්ඩක්, ගම්මිරිස් හැදි බාගයක් විතර, තව උළුහාල් ටිකක්..(රස වෙන්න ඕනිම දෙයක්) රම්පෙ කරපිංචා ටික කහ පොඩ්ඩක් එක්ක දාල තෙලෙන්ම බැදෙන්න දෙන්න ඕනි. අර සීසන් වෙන්න තිබ්බ මාළු ටික මේකට දාල කලවම් කරලා පොල් කිරි ටික දාල ගොරක පොඩි කෑල්ලක්(පස්සේ මතක් කරලා අයින් කරන්න) එකතු කරලා ලුණු ඕනි ගාන දාල මාළු ටික ඉදෙනකම් හොද්ද හැදිගාන්න තියෙන්නේ. කිරි ටික කැටි ගස්සවගන් නැතුව සුපිරියට ඉක්මනට හදාගන්න ලේසියෙන් ම පුළුවන්.

Ingredients

Method

TIP

මාළු කෑලි පොඩි නොවෙන්න හැදි ගාගන්න.

Leave A Comment


Trending Today