Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

අයිස්ක්‍රීම් මැජික්: අයිස්ක්‍රීම් ලෝෆ් හදන හැටි


කාර්ගිල්ස් මැජික් අයිස්ක්‍රීම් එක්ක රස ම රස අයිස්ක්‍රීම් පාන් එකක් හදාගන්නේ මෙහෙමයි.

5-6 දෙනක් සඳහා:

අවශ්‍ය දේ:

  • පිටි - කෝප්ප 1 ¼
  • බේකින් පවුඩර් - තේ හැඳි 2
  • (දිය කළ) කාර්ගිල්ස් මැජික් වැනිලා අයිස්ක්‍රීම් - කෝප්ප 2
  • රේන්බෝ ස්ප්‍රින්ක්ල්ස්
  • චොකලට් චිප්ස්
  • චොකලට් සෝස්
  • බටර්

හදන විදිය:

  1. භාජනයකට පිටි දාගන්න
  2. බේකින් පවුඩර් එකතුකරන්න
  3. දිය වූ වැනිලා අයිස්ක්‍රීම් එකතුකරන්න
  4. හොඳින් කලවම්කරන්න
  5. ස්ප්‍රින්ක්ල්ස් සහ චොකලට් චිප් එකතුකරන්න
  6. කේක් තැටියක බටර් ගා මිශ්‍රණය ඒකට දාන්න
  7. අංශක 175 උෂ්ණත්වය යටතේ විනාඩි 20-35ක් බේක් කරගන්න (අවන් එක එනුව වෙනස් වේ)
  8. ළා රන්වන් පාට වනවිට එළියට ගන්න
  9. කෑලිවලට කලා අයිස්ක්‍රීම් සහ චොකලට් සෝස් එක්ක කන්න.

Leave A Comment